විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි
චීනය තුළ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති, මීටර් 5කට වඩා දිගින් සහ ටොන් 3කට වඩා බරින් යුත් දැවැන්ත ප්‍රමාණයේ විද්‍යුත් වාහන භාවිතය හේතුවෙන් එරට මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවෙමින් පවතින බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
මෙම වාහනවල අඩංගු විශාල බැටරි සහ විවිධ උපාංග නිසා පවතින අධික බර මාර්ග ඉක්මනින් විනාශ වීමට සෘජුවම බලපා ඇත. මෙම තත්ත්වය හමුවේ සාම්ප්‍රදායික ඉන්ධන වාහන භාවිතය අඩුවීම නිසා රජයට ලැබෙන ඉන්ධන බදු ආදායම ද සීඝ්රයෙන් පහත වැටෙමින් පවතින අතර, එමඟින් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට නොහැකිව චීන පළාත් පාලන ආයතන දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී.
චීනයේ ප්‍රධාන මහා මාර්ග සඳහා බීජිං මධ්‍යම රජය ප්‍රතිපාදන වෙන් කළ ද, ප්‍රාදේශීය මාර්ග නඩත්තු කරනු ලබන්නේ ඉන්ධන මත පනවන බදු ආදායම බෙදා හැරීමෙනි.
චීන ප්‍රවාහන අමාත්‍යාංශයේ පර්යේෂණ අංශයකට අනුව, දැනට සාමාන්‍ය මාර්ග නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදනවලින් සියයට 50ක පමණ වාර්ෂික හිඟයකට චීනය මුහුණ දී සිටින අතර, ප්‍රාදේශීය මාර්ගවලින් සියයට 40ක් පමණ අලුත්වැඩියාවන් අත්‍යවශ්‍ය මට්ටමක පැවතිය ද ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අත්හැර දමා ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා චීන රජය මේ වන විට විද්‍යුත් වාහන සඳහා ලබා දී තිබූ බදු සහන දැඩි ලෙස කප්පාදු කිරීමට පියවර ගනිමින් සිටී.
එමෙන්ම, දිගුකාලීන විසඳුමක් ලෙස වාහනය ධාවනය කරන දුර ප්‍රමාණය මත පදනම් වූ නව බදු ක්‍රමයක් හඳුන්වා දීමට චීන ප්‍රතිපත්ති සම්පාදකයින් තීරණය කර ඇති අතර, ඒ සඳහා මේ වන විටත් හයිනෑන් වැනි පළාත්වල චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් නියමු ව්‍යාපෘති ආරම්භ කර තිබේ.