මල බද්ධය ඇතිවිමට හේතු හා ප්‍රතිකාර ගැන ඔබ දැනුවත්ද ...

World Health Organization Ministry of Health Sri Lanka
By Subodha Jul 05, 2022 09:26 AM GMT
Subodha

Subodha

Report

බොහෝ විට මල බද්ධය ඇතිවීමට ප‍්‍රධානතම හේතු කීපයකි. දියර වර්ග පානය නොකිරීම, ශරීරයට අවශ්‍ය පරිදි ජලය පානය නොකිරීම, තන්තු අඩංගු (කෙඳි) ආහාර නොගැනීම මේ අතර වේ. මලබද්ධය යනුවෙන් අප හඳුන්වන්නේ උදරයේ පවතින්නා වූ වේලුනු ස්වභාවයයි. මලබද්ධය ඇති වූ විට සාමාන්‍ය අයුරින් මල පහ නොවේ. ඇතැම් විට මල පහ කිරීමේදී අධික වේදනාවක් ඇතිවේ. බොහෝ වේලාවක් වැසිකිළිය තුළ රැඳී සිටීමට ද සිදුවේ. මෙය මලබද්ධයෙ ස්වභාවයයි.අප ගන්නා ආහාර කැබලි හා දියර වර්ග සියල්ල පෙ‍්‍රීටීන, සීනි, මේදය සහ ඛනිජ ලවණ බවට පත්වී රුධිරවාහිනී තුළට උරාගනී. ආමාශයේ පවත්නා අම්ල හේතු කොට ගෙන ජීරණය වූ ආහාර කුඩා අන්ත‍්‍රවලදී අවශෝෂණය කර ගනී. ඉන් අනතුරුව ඉතිරි වන්නා වූ කෙඳි සහිත ආහාර කොටස් සහ තවත් කැඩී බිඳී ගිය රුධිර සෛල පිත්ත වර්ණක සහ ජලය මහාන්ත‍්‍ර‍්‍රය සංකෝචනය වීමේ දී ගුදය දෙසට තල්ලු වී යයි. මේ මලපහ වල ඇති ජලය මහාන්ත‍්‍රයට උරා ගැනීම නිසා මලපහ තව තවත් ඝන බවට පත් වේ. මේ ඝන බවට පත් වූ මලපහ මෘදු බවට පත් කරන්නේ එහි ඇති තන්තු ප‍්‍රමාණයයි.

මලබද්ධය ඇත්දැයි හඳුනාගන්න

පහත රෝග ලක්ෂණවලින් අවම වශයෙන් 2ක් වත් ගෙවී ගිය මාස තුනක කාලය තුළදී දැනී ඇත්නම් මලබද්ධය ඇති බව හඳුනාගත හැක. 

  • සතියකට තුන්වරකට වඩා අඩුවෙන් මලපහ කිරීම
  • මලපහ කිරීමේදී තැටමීම
  • ඝන, කැටි ගැසුණු මලපහ
  • ගුද මාර්ගය හිර වී ඇතිසේ දැනීම
  • මලපහ කළත්, අසම්පූර්ණ බවක් දැනීම
  • අතින් මලපහ ඉවත් කිරීමට සිදුවීම
  • බඩ පුරවා දැමීම.
  • සම දුර්වර්ණ වීම.
  • මුහුණ අඳුරු පැහැ වීම.
  • හිසරදය සමේ කැසීම පලු ඇතිවීම
  • තුනටිය හන්දිපත් වේදනාව නොරිස්සුම


මළ බද්ධය ඇතිවීමට හේතුවන කරුණු 

  • කාර්යබහුල ජීවන රටාව
  • මානසික ආතතිය
  • දේශගුණය විවිධ ආහාර වර්ග භාවිතා කිරීම එනම් කෝපි චොක්ලට් හා ක්ෂණික ආහාර වර්ග භාවිතය
  • කුඩා අවධියේදී සිදුවූ බලපෑම් එනම් කන ප්‍රමාණය ඉක්මවා කුඩා ලමුන්ට අහාර ගැනීමට බලපෑම් කිරීම හා එම නිසා ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව ගැටළු ඇති වීම.
  • ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමට පුරුදු වීම.
  • ගැස්ට්‍රයිටිස් සහ ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග

මේ සඳහා විශේෂ කොට බලපෑ හේතු අතර ප්‍රධානවේ


මල බද්ධයෙන් මිදෙන්නේ කෙසේද?

  • මල බද්ධයෙන් මිදීම සඳහා අප කෙඳි සහිත එළවළු, පලතුරු ආදිය දිනපතා ආහාරයට ගත යුතුයි.
  • හීන් කොහිල අල හා දඬු මල බද්ධය සඳහා ඉතා ගුණදායකය.
  • බාගෙට ඉදුණු පැපොල් ව්‍යංජනයක්‌ ලෙස හෝ මැල්ලුමක්‌ ලෙස සාදා ගෙන දිනපතා ආහාර එක්‌ කර ගත හැකිය.
  • පැපොල් ආහාරයට ගැනීමත් ඉතා ප්‍රය්ජන්වත් වේ.
  • කහට ගෙඩි ව්‍යංජනයක්‌, කෙසෙල් මුව, කෙසෙල් බඩ, කෙසෙල් මුල් ව්‍යංජන ලෙස සාදා ගෙන ආහාරයට ගැනීම ඉතා ගුණදායකය.
  • ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම
  • ව්යායාම කරන්න
  • උදර සම්බාහනය
  • තන්තු සහිත ආහාර අනුභවය කිරීම.
  • දෙහි යුෂ පානය කරන්න.
  • කෝමාරිකා යුෂ බොන්න
  • පොල් වතුර පානය කිරීමෙන් විෂබීජහරණය හා හයිඩ්‍රේටින් විය හැක.
  • කිරි පානය කිරිමේදි ගිතෙල් මිශ්‍ර කරන්න.
  • බැදපු මහදුරු උණුසුම් ජලයට එකතු කර සවස් වරුවේ පානය කළ හැකිය
  • මී පැණි තේ, ජලය හෝ උණුසුම් කිරි වලට එකතු කළ විට මල බද්ධය සමනය කරයි
  • වියළි නෙල්ලි කලං 06ක් වතුර පත 4 දමා දෙකක් වන තුරු සිඳවා මී පැණි දමා බොන්න.
  • අරළු කලං එකහමාරක් පමණ ගෙන උක් හකුරු මිශ්‍ර කර කොටා උදෑසන හිස්බඩට පානය කරන්න.
  • ඉදුණු බෙලි සූකිරි සමඟ ආහාරයට ගන්න.
  • රට ඉදි වල ඇට ඉවත් කර රැයක් ඇල්දියෙන් ගිල්වා තබා උදෑසන ආහාරයට ගන්න.
  • දෙහි යුෂ ,උණුවතුරට දමා මී පැණි මිශ්‍ර කර පානය කරන්න.
  • නිවිති කොළ යුෂ කොටා වතුර දමා පානය කරන්න.
  • පළතුරු යුෂ වලට එඬරු තෙල් තේ හැන්දක් පමණ මිශ්‍ර කර පානය කරන්න.
  • මහදුරු වේලා ඇට කොටා එයින් තේ හැන්දක් පමණ උණු වතුරට දමා පානය කරන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now