රිලවියන්ට ලූප දාපු කාලේ ඉවරද? අල්ලන අල්ලන රිලවිය ගැබ් අරන්ලු

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගල්ල පවසන පරිදි, මේ දිනවල රිලා ගැහැණු සතුන් බහුතරයක් ගැබ්ගෙන ඇති හෙයින් ඔවුන්ට ලූපය පැළදවීම තවත් ටික කාලයකට කල් යනු ඇත.

අල්ලා ගන්නා ලද රිලා ගැහැණු සතුන්ට ලූපය ඇතුළු කිරීමට පෙර ගැබ්ගෙන තිබේද යන්න සොයා බැලීම සඳහා සිදුකරන ස්කෑන් පරීක්ෂණවලදී, සැලකිය යුතු ගැහැණු රිලා සතුන් පිරිසක් ගැබ්ගෙන ඇති බව තහවුරු වී ඇතැයි මහාචාර්යවරයා අප වෙත අදහස් දක්වමින් පැවසීය.

සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට විදේශීය සංවිධාන සමග දේශපාලන නායකයින්ද කටයුතු කරනවා - කාදිනල් හිමි

සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට විදේශීය සංවිධාන සමග දේශපාලන නායකයින්ද කටයුතු කරනවා - කාදිනල් හිමි

ගැබ්ගෙන ඇති ගැහැණු රිලවුන්ට විශේෂ සලකුණක් යෙදා ඔවුන්ව නැවත පරිසරයට මුදා හරින බවත්, මාස කීපයකට පසු එම විශේෂ ලාංඡන යෙදූ සතුන් නැවත අල්ලා ලූපය පැළදවීමට කටයුතු කරන බවත් මහාචාර්ය දංගල්ල සඳහන් කළේය.

ගැබ්ගෙන නොමැති රිලවුන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ කොණ්ඩය ඩයි කිරීම, මුහුණේ ටැටූ ගැසීම, කණ කොනක් කැපීම, ස්කෑන් පරීක්ෂණයකින් හඳුනාගත හැකි කුඩා උපකරණයක් ශරීරයට ඇතුළු කිරීම, සහ කලව ප්‍රදේශයේ අංකයක් කැටයම් කිරීම වැනි සලකුණු යෙදීම සිදුකරන බවත්, එවැනි සතුන්ට ලූපය පැළදවා නැවත පරිසරයට මුදා හරින බවත් මහාචාර්යවරයා පැවසීය.

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

ඉන්දියාවේ ලුණු භාවිතයේදී ප්‍රවේශමෙන් - ජනතාවට ප්‍රවේශම් වන්නැයි උපදෙස්

ඉන්දියාවේ ලුණු භාවිතයේදී ප්‍රවේශමෙන් - ජනතාවට ප්‍රවේශම් වන්නැයි උපදෙස්