වතිකාන අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනපති හමුවට
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු අති උතුම් පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ.
අගරදගුරු හිමිපාණන් විසින් ලංකාව තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට රජය ගන්නා උත්සාහය අගය කර තිබේ.
ඒවගේම ආර්ථික ශක්තිමත් කිරීමට මෙන්ම ජාතික සමගිය වර්ධනය සදහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බව අගරදගුරු හිමිපාණන් විසින් සදහන් කර තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙරටට බොහෝ ප්‍රතිලාභ අත්කර දී ඇති බවයි.
තවද එය අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව, රට තුළ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමෙහිදීද ඉතා වැදගත් වූ බව ජනපතිතුමා ප්‍රකාශ කළ අතරම ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වන බව සදහන් කර තිබේ .