විපක්ෂ නායකවරයා ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුව තිබේ.
ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම එයට හේතු විය.
අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ස්වභාවික දායාද සහ මානව කුසලතා සම්බන්ධයෙන් මෙහි දී ඉන්දීය මුදල්අමාත්‍යවරිය පැසසුමට ලක් කර තිබේ.
තවද එතුමිය සදහන් කළේ ඉන්දියාව වැනි විශාල වෙළෙඳපලකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බවයි.
ඒ වගේම ශක්තිමත් දේශීය කර්මාන්ත තුළින් ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි ප්‍රකාශ කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2022 අර්බුදය අතරතුර ඉන්දියාව ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක සහයෝගයට මෙහි දී සිය ස්තූතිය පළ කර තිබේ ඒ වගේම තනි ජාතියක් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම මූල්‍ය ප්‍රදානය එය වන බව එහිදී සදහන් කර ඇත.
තවද ශ්‍රී ලංකාව තවමත් විදේශ සංචිත නැවත ගොඩනැගීම අපනයන විවිධාංගීකරණය කිරීම සහ දරිද්‍රතාවය අඩු කිරීම ඇතුළු ප්‍රධාන අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව සදහන් කර තිබේ.
ඒ වගේම කාර්මික ප්‍රතිපත්තිය සහ ඩිජිටල් පාලනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ජයග්‍රහණ පැසසුමට ළක්කර ඇත.
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේ ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා- ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමටයි.
ඒ වගේම නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.
තවද එතුමා විසින් අවධාරණය කළේ ඉන්දියාවේ ආකෘතිය අනුගමනය කරමින් නවෝත්පාදන, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ පර්යේෂණ සහ ව්‍යාපාර අංශ සමඟ ආර්ථික ප්‍රතිපත්ති පෙළගැස්වීමේ වැදගත්කමයි.
ඉන්දියාව සමඟ සමීප ආර්ථික හා සංස්කෘතික සබඳතා සඳහා තම පක්ෂය වන සමගි ජන බලවේගය කැපවී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සදහන් කර තිබේ.