රජයේ නිලධාරීන් කොටසකට පත්වීම් යන්න වෙන්නෙ දුෂ්කර පළාත් දෙකකට

Report

හෙද නිලධාරීන්ට පත්වීම් ලබාදීම ඔක්තෝබර් මාසයේ සිදු කරන අතර පත්වීම් ලබන සියලු දෙනා උතුරු, නැගෙනහිර රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල සේවාවට අනුයුක්ත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වෛද්‍ය 2019 සිසු හෙද කණ්ඩායම ඔක්තෝබර් මාසයේ පත්වීම් ලබන අතර ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

යාපනයේ “බී” වර්ගයේ රෝහල් 5කුත්, කිළි- නොච්චියේ බී වර්ගයේ රෝහලකුත් තිබෙන අතර යාපනයේ සී වර්ගයේ රෝහල් 18කුත් කිළි- නොච්චියේ 6කුත් ස්ථාපිත බව ද ඇමැතිවරයා කීය. යාපනය හා කිළිනොච්චි දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය රෝහල් 30ක් ස්ථාපිත බව ද ඇමැතිව- රයා ප්‍රකාශ කළේය.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1,374ක් සඳහා සැප්තැම්බර් 15 වැනිදා රාජකාරි-යට වාර්තා කිරීමට හැකි වන පරිදි පත්වීම් ලබා- දීම සිදුකර ඇත.

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්

එම නිලධාරීන්ගෙන් පිරිසක් යාපනය හා කිළිනොච්චිය රෝහල්වලට අනුයුක්ත කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය. රේඛීය අමාත්‍යාංශයට අයත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය සෞඛ්‍ය සේවක පුරප්පාඩු පිරවීමෙන් පසුව ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡා කර පළාත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය සේවක පිරිස බඳවා ගැනීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවසුවේය.

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්