දිස්ත්‍රික්ක රැසකට දැඩි රශ්මියෙන් බලපෑම් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් අනතුරු ඇඟවීමක්
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව, එම ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය (Heat Index) ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය යන සාධක පදනම් කර ගනිමින් තාප දර්ශකය ගණනය කරන අතර, එමගින් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය පිළිබඳ අදහසක් ලබා දෙන බවයි.
දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් විඩාව ඇති විය හැකි අතර, අඛණ්ඩව වෙහෙසකර ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් ‘තාප කැක්කුම්’ (Heat Cramps) ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එබැවින්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, දැඩි හිරු රශ්මිය පවතින අවස්ථාවල වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් එම ප්‍රදේශවල ජනතාවට උපදෙස් ලබාදී තිබේ.
සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර
