“හොරුන්ට දඬුවම් දීමේදී සීමාවක් නැහැ” - හොරුන් අල්ලන කාල සීමාවත් ගම්පහදී ජනාධිපති හෙළිකරයි

Report

වංචා හා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු සීමාවක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා කාලය ගතවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (27) ගම්පහ පැවති ජන හමුවේදි වංචා හා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මහජන දේපළ අයථා ලෙස ලබාගනිමින් රට ආර්ථික හා සමාජීය වශයෙන් විශාල ලෙස බිඳවැටීමට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදීමේ අපේක්ෂාවක් ජනතාව තුළ දිගු කලක සිට පැවති බව ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදීමේදී දූෂිත පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනු ඇතැයි ජනතාව විශ්වාස කළ බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ,

“දැන් අවුරුදු දෙකක් වෙනවා. මුල් කාලය ගැන කට්ටියට තිබ්බා ටිකක්, මොකක්ද තාම නැනේ, පරක්කුයිනේ . දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වැඩි වගේද? මම දැක්කා හිටපු ඇමැතිවරයෙක් කියනවා මේ ලගදි හිටපු ඇමැතිවරයෙක් කියනවා හොරුන්ට දඬුවම් දීමේත් සීමාවක් තියෙනවා. හැබැයි මොකද වෙලා තිබුණේ? එගොල්ලොන්ට හොරකම් කරනකොට සීමාවක් තිබ්බේ නැහැ. දැන් දඬුවම් කරනකොට මොකක්ද කියන්නේ? සීමාවක්. මතක තියාගන්න, සීමාවක් නැහැ හොරුන්ට දඬුවම් දීමේදී. මේ වාරයේ ඉතුරු අවුරුදු තුනත් කරනවා. ඊළඟ වාරයෙත් අල්ලනවා. මතක තියාගන්න. මේවා ලොකු පටලැවිලි සහිත ඒවා තියෙන්නේ ලොකු විමර්ශන. ජාත්‍යන්තර සහාය අවශ්‍යයි. ලොකු විමර්ශන ගණනාවක් පටන්ගෙන ඇදෙනවා. හැබැයි අපිට කිසිසේත්ම පළිගැනීමේ චේතනාවක් නැහැ. මේක අවංකව කියන්නම්. ඔය කිසිවෙක්ගෙන් පළිගැනීමේ චේතනාවක් අපට නැහැ. මොකක්ද පළිගන්නේ කියන්නේ අපිට එගොල්ලෝ එක්ක ඉඩම් නඩු නැහැ. පවුල් ආරවුල් නැහැ. අපිට පෞද්ගලිකව පළිගැනීමේ චේතනාවක් නැහැ. මේ කිසිවක් පළිගැනීම නෙමෙයි.”

“බලයට ආවාම ධනය හොයන්න පුළුවන් කියූ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා'' - ගම්පහ රැලියේදී මුනීර් මුලාෆර්ගෙන් ප්‍රකාශයක්

“බලයට ආවාම ධනය හොයන්න පුළුවන් කියූ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා'' - ගම්පහ රැලියේදී මුනීර් මුලාෆර්ගෙන් ප්‍රකාශයක්

විදේශ අමාත්‍ය විජිත හේරත් අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි

විදේශ අමාත්‍ය විජිත හේරත් අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි