බද්දේගම වෙඩිතැබීමේ සිද්ධියට අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
2026 සැප්තැම්බර් 27 වනදා සිදු වූ මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව ඊයේ (27) පස්වරුවේ බද්දේගම, පෙඩෲවත්තට හැරෙන හන්දිය සහ හල්පාතොට ප්‍රදේශවලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 170ක් සහ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 33ත් අතර වයස්වල පසුවන කහවත්ත, පල්ලේබැද්ද සහ හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අදාළ සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.