වැඩි ලාභයක් දෙනවා කිව්වම මුදල් තැන්පත් කරාද? අවධානයෙන් සිටින ලෙස අමාත්‍ය පණිවිඩයක්

Report

කෙටි කාලයක් තුළ ස්ථාවර තැන්පතුවලට වඩා වැඩි අධික ලාභාංශ ලබා දෙන බවට පවසමින් ක්‍රියාත්මක වන ආයෝජන යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා තිබේ.

වගාවක හෝ ව්‍යාපාරයක ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දීමට වසරක පමණ කාලයක් ගත වන බැවින්, මුදල් දැමූ වහාම ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පවසන ආයතන පිළිබඳව සැක සිතිය යුතු බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

මෙවැනි ආයතනවල මුදල් උත්පාදනය වීම සැබෑ වත්කම් (Assets) මඟින් සිදු නොවී, 'පිරමීඩ' ක්‍රමයට අලුතින් එකතු වන අයගේ මුදල්වලින් පැරණි අයට ලාභාංශ ගෙවීමක් (Ponzi scheme) ලෙස සිදුවන බවත්, යම් දිනක එම ජාලය බිඳ වැටෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

බැංකු ණය ලබාගෙන ආයෝජනය කර ඉහළ ලාභ තමන්ට තබා ගැනීමට හැකි නම් කිසිදු ආයතනයක් මහජනතාවට එලෙස අධික ලාභ ලබා දීමට ඉදිරිපත් නොවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඬි තීන්දුවක්

සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඬි තීන්දුවක්

මෙහිදී සාමාන්‍ය ආයෝජන ප්‍රතිශත සහ ලාභදායිත්වය පැහැදිලි කරන නියෝජ්‍ය අමාත්‍යවරයා, භාණ්ඩාගාර බිල්පත් 7%-8%, ස්ථාවර තැන්පතු 8%, ඉතුරුම් ගිණුම් 6%, ඒකක භාර 10%-12% සහ කොටස් වෙළෙඳපොළ 12%-18% ලෙස සාමාන්‍ය ප්‍රතිලාභ ලැබෙන බව සඳහන් කරන අතර සාමාන්‍ය නිෂ්පාදන හා කෘෂිකාර්මික අංශවල වාර්ෂික ලාභය 5%ත් 15%ත් අතර වන අතර, සේවා අංශයේ එය 10%ත් 20%ත් අතර අගයක් ගන්නා බවත්, ඊට එහා ගිය අසාමාන්‍ය ලාභ ලබා දෙන බවට පවසන ව්‍යාපාරවල මුදල් කරන දේ පිළිබඳව නිරන්තරයෙන් සෙවිය යුතු බවත් පෙන්වා දෙයි.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට වරෙන්තු - වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට වරෙන්තු - වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග