යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි[PHOTOS]

Youtube Gossip Today Artist Gossip Lanka Sinhala news
By Kaushi Jul 30, 2025 03:25 AM GMT
Kaushi

Kaushi

Report

අපේ අම්මා කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ ගෙදර අම්මටත් වඩා ලංකාවේ ”අපේ අම්මා” (Apé Amma) යූටියුබ් චැනල් එකනේ.

ඉවුම් පිහුම් කලාව අමුහුම ආරෙකින් ප්‍රසන්ට් කරන නිසා චැනල් එක ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තිබ්බත් මෑතක නම් "අපේ අම්මා" ගැන කතාබහට ලක්වුණේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වුණ ගැටුම් එක්ක.

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

හැබැයි ටික කාලයක් ඔක්කොම සද්ද බද්ද නැවතිලා තිබ්බට ඔන්න "අපේ අම්මා" ආයෙත් වැඩ පටන් අරන්.

මේ පාර "අපේ අම්මා" චෝදනා කරන්නේ තමන්ගේ චැනල් එකේ කමෙන්ට් ඉවත් කර ඇති බවටයි.

ඒ සටහන උපුටලා පහතින්,

”යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කලා. තවමත් අයින් කරමින් සිටිනවා.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. අපේ අම්මා චැනලයට පහර ගැසීමේ අරමුණින් වෙනත් මාකටින් ආයතනයකට සහ යූටියුබ් ආයතනයේ සේවය කරන අයට සම්බන්ධ කුකින් චැනලයක් කරන කාන්තාවක් තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි ලව්වා පසුගිය අවුරුදු කිහිපය තුල අපේ අම්මාගේ වීඩියෝ ඒ විදියටම කරවා අප්ලෝඩ් කරවනවා.

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

එසේ කරන විඩියෝ යූටියුබය විසින් උඩට ගනිමින්, අපේ අම්මාගේ අලුත් විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැතුව යූටියුබ් එක මගින් බ්ලොක් කර තිබුනා. එසේ බ්ලොක් කළ අලුත් රෙසිපීස් ඒ කණ්ඩායම විසින් උයා නැවත අප්ලොඩ් කල පසු, යුටියුබය අපේ අම්මාගේ විඩියෝ පහත හෙලමින් එම විඩියෝ උඩට ගනිමින් සිටි. පළපුරුදු මවක් සහ ගුරුවරියක් ලෙස උයන අපේ අම්මාගේ වටිනා රෙසිපීස් සහිත විඩියෝ පහත හෙලමින් යුටියුබ් අයතනයේ සේවය කරන මේ රටෙන් ගොස් තිබෙන අය තමන්ගේ හිතවතුන් ලවා අපේ අම්මාගේ රෙසිපි කරවා අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ෆෝන් වලට යවමින් උඩට ගනිමින් සිටි. වෙළඳ දැන්වීම් වලට හඬ කවන මාකටින් ආයතන(ටීවි) අපේ අම්මාගේ කටහඬට සමාන තරුණියෝ ලවා හඬ කවයි. 2025 ජනවාරි වන විට අපේ අම්මා චැනලයට ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 31 කට අධිකව සිටිනවා , මුදල් වලට සබ්ස්ක්‍රයිබර්ස්ලා විකුණන ආයතනත් තියෙනවා. බොරු අකවුන්ට් වලින් හදපු සබ්ස්ක්‍රයිබර්ස්ලා, අපේ අම්මා චැනලයේ බොරු සබ්ස්ක්‍රයිබර්ලා අරන් නැත. මේ ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 31ම ඇත්ත අය. ඒ වගේම වීඩියෝස් 2300කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. යූටියුබ් ආයතනය සහ මාකටින් ආයතන එකට සම්බන්දවී මේම රෙසිපීස් 2300 වෙන අය ලව්වා කරවා, වෙනත් නම් වලින් අප්ලෝඩ් කරමින් සිටි. මාකටින් ආයතන මෙමගින් බලාපොරොත්තු වන්නේ මෙම චැනල් හරහා ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරවීමටයි.

මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි

මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි

අපේ අම්මා චැනලයේ වෙළඳ දැන්වීම් කරන්නේ නැත. වීඩියෝ බලන විට හොඳට බලන්න ඒ අය සුපර්මාර්කට් වලට යමින් සහ උයන විට විවිධ භාණ්ඩ ආහාර වර්ග පෙන්වීමට කටයුතු කරයි. (අපේ අම්මා චැනලයේ කඩෙන් ගේන විවිධ සෝස් වර්ග පාවිච්චි කරන්නේ නැති නිසා අපේ අම්මා වීඩියෝ බැලුවොත් සෙනගට කඩේ තියෙන සෝස් වර්ග සහ පැකට් කළ පැස්ටා, නුඩ්ල්ස් වැනි කෑම වර්ග විකිනෙනන්නේ නැත.) ඒවා අපේ අම්මා උයන්නේද නැත. මේවා බහුජාතික සමාගම් වල නිෂ්පාදනයන්ය. ඒ නිසා සමහර මාධ්‍ය අයතනය එකතුවී අපේ අම්මා චනලයට පහර ගසමින් සිටි. මේ අයතනය විසින් ගම් වල මැටි කුස්සි සාදා ආච්චිලා, තරුණියන් ලවා කුකින් චැනල් සාදා ඇත. මගේ රෙසිපි 2300 යේම ඇති ටිප්ස් සහ රෙසිපි ඇතුලත් කරමින් රුපවාහිණි ආයතන වල කැමරා වලින් විඩියෝ කර අප්ලෝඩ් කරන අතර යූටියුබ් ආයතනයේ සිටින (දේශපාලනය හරහා සේවයට ගොස් සිටින) කණ්ඩායම විසින් ශ්‍රී ලංකන් රෙසීපිස් ලෙස හදුන්වාදෙමින් මෙම රෙසිපි සුද්දන්ගේ ෆෝන් වලට යවයි.”

රුසියාවට අධික බලයෙන් යුත් අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී

රුසියාවට අධික බලයෙන් යුත් අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි | Ape Amma Acting Like Devil Youtube Blocked Video

ReeCha