මේ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා තෙක් අරගලය අඛණ්ඩව - අධිකරණ නියෝග මැදත් රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහය තවදුරටත්

Report

රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණ ද, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විටත් අඛණ්ඩව පැවැත් වෙන බව වාර්තා වේ.

මෙම සත්‍යග්‍රහය ඊයේ(07) දින පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කර තිබුණා.

ඒ අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසිනි.

එසේම විරෝධතාවයේ නිරත පිරිස අදාළ ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීමට කටයුතු කර තිබුණු බැවින්, ඊයේ දහවල් එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන ඇත.

ඒ පොලිසිය පැමිණ එම කටයුතු නතර කිරීමට උත්සාහ කිරීමේදීයි.

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

එමෙන්ම මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුව, රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස සත්‍යග්‍රහයේ නිරත පිරිසට අධිකරණය නියෝග කර තිබුණා.

එසේම පූජා භූමියේ පිහිටි පුරාවිද්‍යා ස්මාරකවලට කිසිදු හානියක් සිදු නොකළ යුතු බවත්, ඉදිකර ඇති තාවකාලික කූඩාරම් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් එම නියෝගයේ සඳහන්.

කෙසේ වුවත් භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාවයේ නිරත පිරිස අදාළ ස්ථානයේ රැඳී සිටිමින් රාත්‍රිය ද ගත කර ඇති බව වාර්තා වේ.

මේ අතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආණ්ඩුව විසින් අනුරාධපුර පූජා නගර සැලැස්මට අදාළ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා තෙක් මෙම අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. 

එළඹෙන 20 වෙනි දිනත් බන්ධනාගාර භාරයේ සිටී නම්.. රටම බලන් ඉද්දි නාමල්ට අද අධිකරණයෙන් දුන් නියෝගය

එළඹෙන 20 වෙනි දිනත් බන්ධනාගාර භාරයේ සිටී නම්.. රටම බලන් ඉද්දි නාමල්ට අද අධිකරණයෙන් දුන් නියෝගය

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්