ගල්නෑව නිවසකට පැන අශෝභන ලෙස හැසිරුණු 'බංටි' රක්ෂිත බන්ධනාගාරයට

Report

ගල්නෑව නගරයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඊයේ (06) රාත්‍රියේ ගල්නෑව නගරයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරුණු බව කියන මෙම පුද්ගලයා ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අගුරුවාතොට මත්පැන් සාදයකදී බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අගුරුවාතොට මත්පැන් සාදයකදී බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අත්අඩංගුවට ගත් සැකකරු ගල්නෑව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මධුරංග රත්නායක හෙවත් 'බංටි' නැමැත්තා බව පොලීසිය හඳුනාගෙන ඇත. අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදුවූ බව කියන අපයෝජන සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන්නේ ද මොහු බවත්, මීට පෙර ද අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

දොළක දිය නෑමට ගිය නුගේගොඩ පිරිසකගෙන් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන්

දොළක දිය නෑමට ගිය නුගේගොඩ පිරිසකගෙන් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන්

සැකකරු අදාළ නිවසේ නාන කාමරයේ කවුළුවකින් ඇතුළු වී, එහි තිබූ ඇඳුම් ඇඳගෙන අශෝභන ලෙස හැසිරෙන අයුරු සීසීටීවී (CCTV) දර්ශනවල සටහන් වී තිබේ. අනතුරුව ඔහු නිවසේ ඉදිරිපස දොර විවෘත කර පිටව ගොස් ඇති බවද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.