ඩොලර් 5,800ක පාඩුවක් කළ ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට
ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (06) පෙරවරු 11.30ට පමණ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව එම කොමිසම සඳහන් කරයි. 2017 වර්ෂයේදී ලංකා ෆොස්පේට් සමාගම විසින් TGM 160 මෝල යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීමේදී ඇමෙරිකානු ඩොලර් 5,830ක පාඩුවක් රජයට සිදු කරමින් දූෂණය නමැති වරද සිදුකළ බවට මොහුට චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් හිටපු සැපයුම් නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.