සියලුම හින්දු භක්තිකයින්ට අග්‍රාමාත්‍යවරියගෙන් පණිවුඩයක්

Report

දීපාවලී දිනය ලක් වැසි ලෝවැසි සියලු හින්දු භක්තිකයින්ට සතුට, සාමය, සෞඛ්‍යය සහ සමෘද්ධිය පිරි දිනයක් වේවායි අග්‍රාමාත්‍යතුමිය ද ප්‍රාර්ථනා කරමින් සුබ පණිවුඩයක් නිකුත් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

"අන්ධකාරය පරදා ආලෝකය උදා කරමින්, නපුරට එරෙහිව යහපත ලැබූ ජයග්‍රහණය සංකේතවත් කරන දීපාවලි උත්සවය, ආධ්‍යාත්මික ශුද්ධියෙන් පිරි මංගල්‍යයකි. පහන් දැල්වීමෙන් නිවෙස් ආලෝකවත් වනවා සේම, අපගේ සිත් තුළ ඇති ද්වේෂය, ඊර්ෂ්‍යාව සහ අඥානකම නමැති අන්ධකාරය දුරු කරමින් ප්‍රඥාවේ හා කරුණාවේ පහන දැල්වීමට මෙම උතුම් දිනය අපට කදිම අවස්ථාවක් ලබා දෙයි. ශ්‍රී ලංකාව වැනි බහුජාතික, බහුආගමික රටක දීපාවලී උත්සවය යනු අප අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරලීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව මම විශ්වාස කරමි. විවිධත්වයෙන් අනූන අපගේ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරමින්, ජාති, ආගම් භේදයකින් තොරව එකම මව්බිමක් ලෙස ඉදිරියට යාමට දීපාවලී උත්සව සමයේදී අප සැම අධිෂ්ඨාන කරගත යුතුය. දීපාවලී දිනය ලක් වැසි ලෝවැසි සියළු හින්දු භක්තිකයින්ට සතුට, සාමය, සෞඛ්‍යය සහ සමෘද්ධිය පිරි දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි!" යනුවෙන්.

අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් ගේන අද ලග්න පලාපල මෙන්න

අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් ගේන අද ලග්න පලාපල මෙන්න

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්