අධික වර්ෂාව සමඟ තත්ත්වය අවදානම් අතට - මේ ප්‍රදේශ සඳහා විශේෂ අනතුරු ඇගවීමක්

Report

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට අදියර 1 සහ 2 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (08) පස්වරු 8.00 දක්වා බලපැවැත්වෙන බව එම ආයතනය සඳහන් කරයි.

ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්

අදියර 2 (අවධානයෙන් සිටින්න) යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එමෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.

තවද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ මිණිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර 1 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මීට අමතරව, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල සහ වරකපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල, කොලොන්න, වැලිගෙපොළ සහ බලන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදාළ අදියර යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.