උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
2026 නොවැම්බර් මස 7 සහ 8 එනම් අද සහ හෙට දිනවලදී, විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගත (online) සහතික පත්‍ර අයදුම් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, විභාග සහතික පත්‍ර නිකුත් කිරීම සඳහා භාවිතා කරන තොරතුරු පද්ධතියේ යාවත්කාලීන කිරීම් සිදු කිරීම වෙනුවෙන් මෙම සේවාව දින දෙකක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ.
1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා - පාසල් කාලසටහන වෙනස් වෙයි - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඉගෙනුම් වේලාව මෙන්න
ඒ අනුව, අද සෙනසුරාදා (07) සහ හෙට ඉරිදා (08) යන දිනවලදී, https://certificate.doenets.lk/certificate යන නිල වෙබ් ද්වාරය හරහා සහතික පත්‍ර සඳහා මාර්ගගතව අයදුම් කිරීමට අයදුම්කරුවන්ට නොහැකි වනු ඇත.
මෙම තාවකාලික සේවා බාධාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස විභාග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.