මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර දිවයිනේ අනිකුත් සියලුම සුරාසැල් අද වසා තැබීමට විශේෂ නියෝගයක්

Report

2026 වර්ෂයේ දීපාවලි උත්සවය නිමිත්තෙන් දිවයිනේ නම් කරන ලද ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසල් අද (08) වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

එබැවින් එම නියෝගයේ සඳහන් වන්නේ උතුරු පළාතේ සියලුම ප්‍රදේශවල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙන්ම මහියංගනය සහ රිදිමාලියද්ද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රලාභී ස්ථාන වසා තැබිය යුතු බවයි.

එසේම ඉන් සංචාරක මණ්ඩලයේ අනුමත ර.බී.07 සහ තුන් අවුරුදු බුටික් විලා බලපත්‍ර සහිත ස්ථාන නිදහස් කරැති බව සඳහන්.

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්

මේ අතර සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ ප්‍රදේශවල නියෝගය උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවියේ නිරත වන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරන ස්ථාන පිළිබඳ තොරතුරු 1913 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සුරාබදු මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දෙන ලෙසයි.

එසේ නීති හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ බල ප්‍රදේශවල සුරාබදු ස්ථානාධිපතිවරුන්ට ද උපදෙස් ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් ගේන අද ලග්න පලාපල මෙන්න

අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් ගේන අද ලග්න පලාපල මෙන්න

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ,සාමාන්‍ය පෙළ ඇතුළු විභාග ලියූවන් සඳහා අද සහ හෙට - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්