කාවන්තිස්සගේ මරණයේ ඇත්ත හෙළිකරන්න විදේශීය විශේෂඥයන් කැඳවන්න ඉල්ලීමක්

Report

ගල්ගමුව ප්‍රදේශයේදී මියගිය මෙරට ප්‍රසිද්ධ ඇත් රජෙකු වූ කාවන්තිස්සගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා විදේශීය ස්වාධීන විශේෂඥ කණ්ඩායමක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වනජීවී ඡායාරූප ශිල්පී පැතුම් බණ්ඩාර විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණය පසුගිය නොවැම්බර් 04 වැනිදා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

පතුම් බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඇත් රජුගේ මූල්‍ය වටිනාකම තක්සේරු කිරීමටද නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එමෙන්ම ඇතාගේ සිරුර සහ ශරීර කොටස් ආරක්ෂා කර තබන ලෙසත්, ඇතාගේ මරණය සම්බන්ධ විමර්ශන මහේස්ත්‍රාත්වරයාගේ සෘජු අධීක්ෂණය යටතට පත් කරන ලෙසත් ඔහු ඉල්ලීම් කර තිබෙනවා.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අධිකරණයේ තීරණය නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ලොව පුරා කාන්තාවන් 300ක් ශ්‍රී ලංකාවට එන්නේ ඇයි? - සුප්‍රසිද්ධ ‘Raid Amazones’ යළිත් එයි

ලොව පුරා කාන්තාවන් 300ක් ශ්‍රී ලංකාවට එන්නේ ඇයි? - සුප්‍රසිද්ධ ‘Raid Amazones’ යළිත් එයි

වෙඩි වැදීමේ තුවාලයක්

කාවන්තිස්ස ඇතා මෙරට සිටි උසින් අඩි 11ක් පමණ වූ විශාලතම දළ ඇතුන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගත් සුවිශේෂී වන අලියෙක්.

ගල්ගමුව වන ප්‍රදේශය ආශ්‍රිතව සැරිසැරූ මෙම ඇතා පසුගිය ඔක්තෝබර් 16 වැනිදා මියගොස් තිබුණා.

ඇතාගේ දකුණු ඉදිරි පාදයේ වෙඩි වැදීමෙන් සිදුවූ තුවාලයක් හඳුනාගෙන ඇති අතර, එම තුවාලයේ බලපෑම ඇතාගේ මරණයට හේතු වන්නට ඇතැයි සැක පළ කර තිබෙනවා.

පැතුම් බණ්ඩාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සමඟ නීතිඥ කණිෂ්ක හික්කඩුව, නිපුනි දිසානායක, නිලංක ප්‍රනාන්දු, විදත් දේවරාජා, සවානා රණතුංග, ගිහාන් සිරිවර්ධන, කාංචන සමරදිවාකර සහ රෝහිත කරුණාරත්නායක යන නීතිඥවරුන් පෙනී සිට තිබෙනවා.

නීති දාලා බලයේ ඉන්න අපිට ඕනේ නෑ ජනතාව එපා කිව්වොත් යන්න ලෑස්තියි! - ජාතික වෘත්තීය සමිති සමුළුවේදී ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

නීති දාලා බලයේ ඉන්න අපිට ඕනේ නෑ ජනතාව එපා කිව්වොත් යන්න ලෑස්තියි! - ජාතික වෘත්තීය සමිති සමුළුවේදී ජනපතිගෙන් සැර ප්‍රකාශයක්