හෙට මේ පාසල් වැසෙයි - විශේෂ නිවාඩුවක් දීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් තීරණයක්
අද (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා හෙට(09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ.
එසේම එම නිවාඩුව ආවරණය කිරීමට මෙම මස 14 වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය ලෙස පැවැත්විය යුතු වේ.
කෙසේ වෙතත් මෙම පළාත් දෙකෙහි පිහිටා ඇති සිංහල මාධ්‍ය පාසල් සහ මුස්ලිම් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති බව සඳහන්.
මින් පෙර දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා හෙට (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කළ බවට ප්‍රකාශ කෙරිණු බව වාර්තා විය.
ඒ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව බව සඳහන්.