ඉදිරි කාලගුණික තත්ත්වය වෙනස් වේ - දිස්ත්‍රික්ක14කට 100mm ඉක්මවූ ධාරානිපාත වැසි සමඟ මේ ප්‍රදේශවලට වෙන්න යන දේ මෙන්න

Report

ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (07) පස්වරු 5.00 සිට හෙට (08) අලුයම 1.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, ගාල්ල, මාතර, නුවරඑළිය, පුත්තලම, බදුල්ල, මහනුවර, මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මෙලෙස මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධික වැසි හේතුවෙන් මාර්ග සහ ජනාවාස ආශ්‍රිතව ක්ෂණික ජල ගැලීම් ඇතිවිය හැකි අතර, මාර්ග තෙත් වීම සහ දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක් - පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 3කට මි.මී. 75 ඉක්මවූ තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක් - පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 3කට මි.මී. 75 ඉක්මවූ තද වැසි

එමෙන්ම, තැනින් තැන ගල් පෙරළීම් සිදුවිය හැකි අතර ප්‍රවාහන සේවාවන්ට ද කෙටිකාලීන බාධා මතුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් පහත් බිම්, ගංගා ද්‍රෝණි සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල රිය ධාවනය කරන රියැදුරන් ඉතා සැලකිලිමත් වන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමුකරන ලෙසත් දැනුම් දී තිබේ.

සියලුම මත් ලෝලීන්ට අසුබ ආරංචියක් - වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සුරා සැල් වසා දමයි

සියලුම මත් ලෝලීන්ට අසුබ ආරංචියක් - වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සුරා සැල් වසා දමයි