එළඹෙන 20 වෙනි දිනත් බන්ධනාගාර භාරයේ සිටී නම්.. රටම බලන් ඉද්දි නාමල්ට අද අධිකරණයෙන් දුන් නියෝගය
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අඳාළව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එළඹෙන 20 වැනි දින නැවත අධිකරණයේ පෙනී සිටින මෙන් කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (06) දින නියෝග කර ඇත.
එසේම එදිනට නාමල් රාජපක්ෂ බන්ධනාගාර භාරයේ සිටී නම් බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරිමටද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධියට අඳාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙර නඩු දිනයේ දී ඇප මත මුදා හැර තිබුණු අතර බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධියට අඳාළව සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ අනුව මෙම නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අයට අල්ලස් කොමිසම මඟින් පවරා ඇත.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අඳාළව පසුගිය (3) දා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබුණද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24 ක් අධිචෝදනා ගොනු කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ බන්ධනාගාරයේ තබාගෙන එළඹෙන 19 දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය (28) බන්ධනාගාරයට නියෝග කර ඇත.
ඒ හේතුවෙන් ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට ඇප හිමි වුවද එයාර් බස් සිද්ධියට අඳාළව බන්ධනාගාර භාරයේ සිට අද අධිකරණයට ඉදිරිපත් කළා.