සියලුම මත් ලෝලීන්ට අසුබ ආරංචියක් - වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම සුරා සැල් වසා දමයි

Report

දීපවාලි උත්සවය නිමිත්තෙන් හෙට (08) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව උතුරු පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම මත්පැන් අලෙවි සැල් හෙට දිනයේදී වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි සුරාසැල් ද හෙට දිනයේදී වසා තැබීමට කටයුතු යොදා ඇත.

අදාළ ප්‍රදේශවල බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කරන යම් සුරාබදු අලෙවි සැලක් වෙතොත් ඒ සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙම නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන පිරිස් පිළිබඳ තොරතුරු වෙතොත් 1913 හදිසි ඇමතුම් අංකය අමතා දැනුම් දෙන ලෙස ද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාවන්තිස්සගේ මරණයේ ඇත්ත හෙළිකරන්න විදේශීය විශේෂඥයන් කැඳවන්න ඉල්ලීමක්

කාවන්තිස්සගේ මරණයේ ඇත්ත හෙළිකරන්න විදේශීය විශේෂඥයන් කැඳවන්න ඉල්ලීමක්

ලංකාවේ රන්මිල වෙනසක් - ශ්‍රී ලංකාවේ අද රන්මිල මෙන්න

ලංකාවේ රන්මිල වෙනසක් - ශ්‍රී ලංකාවේ අද රන්මිල මෙන්න