මහින්දගේ අනුරාධපුරේ වේදිකාවට නගින බව අර්චුනා පාර්ලිමේන්තුවේදී කියයි - “මේක දේශපාලනයක්, ඕනෑම කෙනෙකුට සහය දෙනවා”

Report

ස්වාධීන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා  අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, ලබන 12 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර රැලියට සහභාගි වන බව ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ අර්චුනා මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“12 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවට මම නගිනවා. මම නගින්නේ මගේ උතුරේ තියෙන මේගොල්ලෝ ඇවිල්ලා පච ගැහුවනේ. ටොන් පච ගැහුවා, බර ගාණක්. ඒ පච ටික මොකුත්ම කළේ නැහැ කියන එක කියන්න මට අවස්ථාවක් දුන්නා මේ එගොල්ලන්ගේ වේදිකාවේ. ඉස්සරහට ඕනෑ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මට එන්න කිව්වාම මම එතුමා ගාව යනවා. මම ඊළඟට සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊළඟට ඇවිල්ලා ජනාධිපති වෙලා මට එන්න කිව්වොත්, කතා කරලා මම යනවා. මේක දේශපාලනයක්. ඒ නිසා මට දැන් මේ පොදු විපක්ෂයට ඕනෑ කෙනෙකුට, විපක්ෂයේ ඉන්න ඕනෑ මන්ත්‍රී කෙනෙකුට සහයෝගයක් දෙනවා.”

එල් නිනෝ දරුණු වන මාස ඇමති හෙළිකරයි - “නළ ළිං ආයෙත් ගෙන්න වෙයි”

එල් නිනෝ දරුණු වන මාස ඇමති හෙළිකරයි - “නළ ළිං ආයෙත් ගෙන්න වෙයි”

අමාත්‍ය බිමල්ගෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා වැස්සක් - මෙන්න හේතුව

අමාත්‍ය බිමල්ගෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා වැස්සක් - මෙන්න හේතුව