දිවයින පුරා මුහුදු ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘති 3ක්
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතේ මුහුදු ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘති තුනක් දැනට පවතින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ රජයේ පූර්ව සූදානම පිළිබඳව අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජල සම්පාදන මණ්ඩලය මගින් දිනකට දළ වශයෙන් ජලය ඝන මීටර ලක්ෂ 30ක් පිරිපහදු කර බෙදාහරින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා දිවයින පුරා පිහිටි භූගත ජල මූලාශ්‍ර 59කින් දිනකට ජලය ඝන මීටර 77,000ක්ද, ජලාශ 59කින් ජලය ඝන මීටර 712,000ක්ද ලබාගන්නා බව පැවසීය.
එමෙන්ම දිනපතා අවශ්‍ය වන ඉතිරි ජල ඝන මීටර ලක්ෂ 22ක ප්‍රමාණය ගංගා, ඇළ දොළ ඇතුළු සසුදරු ජල මූලාශ්‍රවලින් සපයා ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.