අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දිලිත්ගේ රිට් පෙත්සම කැඳවයි
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස සිදුව ඇතැයි නිගමනය කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමුකිරීම අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ගොනුකළ රිට් පෙත්සම අද (10) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවන ලදී.
එහිදී දිලිත් ජයවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද අසම්පූර්ණ තොරතුරු පදනම් කරගෙන මෙම යොමුකිරීම සිදුකර ඇති බවයි.
අදාළ සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා CIDයේ ක්‍රියාකලාපය පමණක් විවේචනය කර ඇති අතර අධිකරණයට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් නොතිබූ බව ද හෙතෙම අවධාරණය කළේය.
මෙම සිද්ධියට අදාළව දැනට විභාග වන සම්බන්ධිත නඩු කටයුත්තක් එළඹෙන සැප්තැම්බර් 14 වනදා කැඳවීමට නියමිතව ඇති බැවින්, මෙම රිට් පෙත්සමේ වැඩිදුර විභාගය ද එදිනට පැවැත්වීමට අභියාචනාධිකරණය නියෝග කළේය.