හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
By Ashfa
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගතකර තිබේ.
ඒ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
එම මහ නගර සභාවේ සිදු වූ මුදල් වංචාවකට අදාළව කූට ලේඛන සකස් කළ බව කියන සිද්ධියකට අදාළව මොහු අත්අඩංගුවට ගෙන ඇත.
එසේම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද එම නගර සභාවේ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.