ජනපති IMF නියෝජිතයින් හමුවෙලා.. විශේෂ සටහනක් තබමින් කීව දෙය මෙන්න..

Report

ඊයේ (18) දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ඒ බව X පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති මහින්දගේ සිහිනය ඉටු කළ මාලිමාව ගැන.. නාමල් විශේෂ ලිපියකින් කීව දෙය මෙන්න..(PHOTO)

හිටපු ජනාධිපති මහින්දගේ සිහිනය ඉටු කළ මාලිමාව ගැන.. නාමල් විශේෂ ලිපියකින් කීව දෙය මෙන්න..(PHOTO)

ඒ අනුව ජනාධිපතිවරයා පවසන්නේ ජනතාවගේ ගැටලු විසඳිය හැකි සහ මහජන විශ්වාසය ස්ථාපනය කළහැකි සමබර ප්‍රවේශයක අවශ්‍යතාවය තමා ඉස්මතු කළ බවයි.

එමෙන්ම, ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත අයට සහායවීම, දැඩි ප්‍රතිසංස්කරණ ඔස්සේ දුෂණය ට එරෙහිවීම තම අරමුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට ජනපතිවරයා දැනුම්දී තිබෙනවා.