උඩින් රනිල් යටින් බැසිල් - අනුරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.. (VIDEO)

Police spokesman Anura Kumara Dissanayaka Ranil Wickremesinghe SL Protest Sri Lankan political crisis
By krishani May 14, 2022 12:35 AM GMT
krishani

krishani

Report

ඊයේ(13) පැවති මාධ්‍ය හමුවක දී ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම හරහා සිදුවන්නේ පවතින අර්බුදය තීව්‍ර කිරීමක් මිස සමනය කිරීමක් නොවන බවයි.

ඉතා ඉක්මනින් ජනතාවට නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

"පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්න පුළුවන් කෙනා කියලා හැඟෙන්නේ රනිල් වික්‍රමසිංහ ද.ඇත්ත ගත්තොත් මේකේ උඩින් රනිල් යටින් බැසිල්. පාර්ලිමේන්තුවට දැන් එන්න ඕනේ මේ විගඩම්කාරි පාලනය පාර්ලිමේන්තුව අනුමත කරනවා ද කියලා බලන්න ඕනේ. ඒ නිසා අපි ඒවාට ඉක්මන් විය යුතු නෑ.අපි ලබාගෙන ඉමු.දැන් අපි දන්නවා නැවත මහජන මන්ත්‍රීවරු එහෙට මෙහෙට විකිණෙන සේල් එක පටන් අරගෙන තිබෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ආර්ථිකය වැට්ටුවා කියමින්,රනිල් වික්‍රමසිංහ මහ බැංකු හොරා, රනිල් වික්‍රමසිංහ ජාතික දේපළ විකුණුවා කියමින්.ආපහු ආණ්ඩුවක් හදා ගන්නවා ඔහුගේ කරට අතදාගෙන.ඒ නිසා අපි නම් කිසිසේත්ම මේ අර්බුදයේ නිර්මාපකයින්ගෙන් මෙයට විසඳුම් බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ අය තවත් මේ අර්බුදය තීව්‍ර කරනවා ඇරෙන්න සමනය කරන්නේ නෑ.ඉතා ඉක්මනින් ජනතාවට නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කරගැනීම සඳහා අවස්ථාවක් ලබාදිය යුතුයි. ඒකට බයයි රනිල් වික්‍රමසිංහ."

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join