අධික උණුසුම පිළිබඳ තවත් අනතුරු ඇඟවීමක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 1:00ට පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද දිනයේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ පළාත්වලත්, කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) සැලකිය යුතු මට්ටමක පවතිනු ඇති බවද දැනුම් දී ඇත.
මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන්, එම ප්‍රදේශවල වැඩබිම්වල කටයුතු කරන ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට සහ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙයි. ජනතාවට මෙම තත්ත්වයන්ට සූදානමින් සිටින ලෙසත්, අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් දැනුම් දී ඇත.