රූපවාහිණී නිවේදිකාවගේ මූලිකත්වයෙන් කරගෙන ගිය තිළිණිගේ තවත් කෝටි ගණනක වංචාවක් එළියට.
By Wayomi
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ තවත් වංචාවක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.
එය නව නිවාස ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක් වංචාවක්.
තිකෝ සමූහ ව්‍යාපාරය යටතේ පවත්වාගෙන ගිය තිකෝ කන්ස්ට්‍රක්ෂන් නමැති ආයතනය මගින් විවිධ ප්‍රදේශවල ඉදිකරන නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ලබාදෙන බව පවසා පුද්ගලයන් රවටමින් මෙම වංචාව සිදු කර තිබෙනවා.
එම ආයතනයට සම්බන්ධ හිටපු රූපවාහිණී නිවේදිකාවක විසින් දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සිදුකර තිබෙන බවත්, විශාල පිරිසක් තිලිණිගේ වංචාවන්ට ගොදුරු වී තිබෙන බවත් CIDය සොයාගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |