පෘථිවියට සමාන තවත් ග්‍රහ ලෝකයක් හොයාගෙන - පුදුම හිතෙන ඒ ආරංචිය මෙන්න..

NASA World Latest Headlines Decision Making
By krishani Jun 28, 2024 01:50 PM GMT
krishani

krishani

Report

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත් ජීවත් වීමට සුදුසු ග්‍රහ ලොවක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පෘථිවියට සමාන තවත් ග්‍රහ ලෝකයක් හොයාගෙන - පුදුම හිතෙන ඒ ආරංචිය මෙන්න.. | Another Planet Similar To Earth

ඒ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයින් විසින් ය.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් සහ ඇමෙරිකාවේ නාසා ආයතනය එක්ව සිදු කළ පර්යේෂණ ඔස්සේ මෙම නව ග්‍රහලෝකය සොයා ගෙන තිබෙනවා.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ග්ලීස් 12 බී’ යනුවෙන් වේ.

මීට පෙර ද තරකා විද්‍යාඥයන් පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන ඇත.

නමුත්, ‘ග්ලීස් 12 බී’ පෘථිවියට බෙහෙවින් සමාන, ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව සදහන් වේ.

පෘථිවියට සමාන තවත් ග්‍රහ ලෝකයක් හොයාගෙන - පුදුම හිතෙන ඒ ආරංචිය මෙන්න.. | Another Planet Similar To Earth

‘ග්ලීස් 12 බී’ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරකා විද්‍යාඥයන් විශ්වාස කරනු ලබයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවයි.