රජයෙන් තවත් දීමනාවක්

Government Of Sri Lanka Money Sinhala news
By Mithu Jun 17, 2025 02:17 PM GMT
Mithu

Mithu

Report

මාපියන් අහිමි වීම, භාරකාරීත්වය අහිමි වීම, මව සහ පියා යන දෙදෙනාම හෝ ඉන් එක් අයෙකුගේ හෝ භාරකාරිත්වය යටතේ සිටියද, ජීවත් වන නිවස තුළ නිසි රැකවරණය සහ ආරක්ෂාව නොමැති දරුවන්ට මෙන්ම අනාථ හා අත්හරිනු ලැබූ දරුවන්ට රැඳවුම් නිවාස /ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ ආයතනික රැකවරණය ලබා දෙනු ලබයි. 2024 වර්ෂය අවසාන වන විට රජය, ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් රට පුරා පවත්වා ගෙන යනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356 ක ළමුන් 9,191 ක් පමණ නේවාසිකව රැකවරණය ලබමින් සිටින බව වාර්තා වී ඇත.

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

 ආයතනික රැකවරණය හා භාරකාරීත්වයේ සිටින ළමුන් සහ විදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/- ක දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත ජීවන වියදම් දීමනාව පහත සඳහන් පරිදි ගෙවීමටත්, එම වැඩ සටහන තිරසරව හා ඵලදායීව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ පසු විපරම් කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතීත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතන වල නිලධාරීන්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී

රුපියල් 5,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 3,000 ක් භාරකාරීත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබ සාධන වියදම් වෙනුවෙන් ළමයා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරිත්වය දරන්නාට ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ලබා දීම. * ඉතිරි රුපියල් 2,000 ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරීම.

මුම්බායි බලා ගිය ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

මුම්බායි බලා ගිය ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

ReeCha