නෑ නෑ කිව්වට බලය නිසා මාලිමාවත් මරා ගනී..කොළඹ මහනගර සභාවේ මන්ත්‍රිනීට ගහපු මාලිමාවට වැඩ වරදී
United National Party
Law and Order
National People's Power - NPP
Sinhala news
Breaking News
By Kaushi
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මඟින් කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ පහරදීම ඊයේ (16) රාත්‍රියේ දී සිදු වූ බව සඳහන්.
එසේම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මිය පවසා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි තම කාර්යාලය අසලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බවයි.
ඒ අනුව මෙම පහර කෑමෙන් තුවාල ලැබු මන්ත්‍රීවරිය දැනටමත් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කර ඇත්තේ දෙපාර්ශවයේම පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි.
