යුද්ධෙ නිසා හීන සින්න වෙයි...මෙරට ඊශ්‍රායලයේ රැකියාලාභීන්ට රජයෙන් විශේෂ නිවේදනයක්

Report

ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) මඟින් දන්වා ඇත්තේ ඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බවයි.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ඊශ්‍රායල් රැකියා සඳහා තෝරා ගනු ලැබූ සියලුම රැකියා අපේක්ෂිතයින් වෙත දැනුම් දීමක් සිදු කර ඇත.

එනම් මෙම තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ රැකියාවලට මෙරට පුරවැසියන් යොමු කිරීම තාවකාලිකව අත් හිටුවා ඇති බවයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

මෙම තත්ත්වය දැනට ඊශ්‍රායලයේ රැකියා කර ආ යළි ඊශ්‍රායලය වෙත රැකියාවට යාමට බලාපොරොත්තු වන (Re-entry) මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට ද අඳාළ බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ අනුව මෙහිදී අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 39 (1) (ආ) වගන්තිය ප්‍රකාරව, ඊශ්‍රායල් රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය එම කාර්යාංශය විසින් නැවත දැනුම් දෙනතුරු සිදු නොකරනු ලබන බවයි.

තවද ඊශ්‍රායලයේ රැකියාවලට යොමු කිරීම එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ (PIBA) දැනුම් දීම මත ඉදිරියේදී සිදු කරනු ලබන බවයි.

ස්ථාවර තැන්පතු ගැන රජයෙන් දුන්න සුබම ආරංචිය මෙන්න

ස්ථාවර තැන්පතු ගැන රජයෙන් දුන්න සුබම ආරංචිය මෙන්න