ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Report

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව අද (17) ආරක්ෂක අමාත්‍ය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වය යටතේ පාර්ලිමේන්තුවේදී රැස්විය.

ඉරානයෙන් ඊශ්‍රායලට තවත් දරුණු ප්‍රහාරයක්

ඉරානයෙන් ඊශ්‍රායලට තවත් දරුණු ප්‍රහාරයක්

මෙම රැස්වීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයර් වයිස් මාර්ෂල් සම්පත් තුයිකොන්තා (විශ්‍රාමික), ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගි වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කරයි.

ස්ථාවර තැන්පතු ගැන රජයෙන් දුන්න සුබම ආරංචිය මෙන්න

ස්ථාවර තැන්පතු ගැන රජයෙන් දුන්න සුබම ආරංචිය මෙන්න

නීතිවිරෝධී ධීවර කටයුතු නවත්වාලීමට නාවික හමුදාවේ සහය ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීමේ ගැටලු ඇතුළු ආරක්ෂක අමාත්‍යංශයට අදාළ විවිධ ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, සාධාරණ ඉල්ලීම් සලකා බලා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න