ගුවනේදී ජනපතිට වශී වී photo එකක් ගන්න ඔහු වොශ් රූම් එකෙන් එළියට එනකම් බලා සිටි තරුණිය

SriLankan Airlines Anura Kumara Dissanayaka Gossip Today Sinhala news
By Mithu Jun 17, 2025 01:39 PM GMT
Mithu

Mithu

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක කියන්නේ ජනතාවගේ වැඩිම මනාපයෙන් මෑත කාලයේ ජන හදවත් රැසක් දිනාගෙන බලයට ආපු චරිතයක්. ඉතින් ඔහු ජනතා හිතවාදී නායකයෙක් නිසාම තමයි බොහෝ දෙනෙක් ඔහුට කැමති.ඉතින් එක්තරා ගුවන් ගමන් වාරයක් අතරතුර ගුවන් සේවිකාවකට ජනපති මුණගැහෙනවා.ඔහු සමග සිතා සුහද පිළිසඳරක යෙදෙන ඇය ජනපති පිළිබඳ සටහනක් තබා තිබුණේ පහත ආකාරයටයි.

මුම්බායි බලා ගිය ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

මුම්බායි බලා ගිය ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

"මම ලංකාවට, මගෙ මවු රටට යන ගමන් අපේ ජනාධිපතිතුමාව මුණගැහෙන්න ලැබුනා. මම හිටියෙ දෝහා ඉඳන් කොළඹ යන ගුවන් යානයයේ වැඩ කරන ගමං. ඇත්තටම ඔහු කරුණාවන්ත සහ නිහතමානි කෙනෙක්. මට හිතුනෙවත් නෑ මේ මම කතා කරන්නෙ අපේ රටේ ජනාධිපති එක්ක කියලා.. මම සහ මගේ මිතුරිය ඉමාරාත් එක්ක ගිහින් එතුමා එක්ක ෆොටෝ එකක් ගන්න බැලුවත් සුව නින්දක හිටපු නිසා කරදර කළේ නැහැ.. ටික වෙලාවකින් ඔහු ඇහැරලා washroom ගිහින් refresh වෙලා එනකන් අපි එළියට වෙලා බලාගෙන හිටියා.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

ඔහු අප සමඟ ඡායාරූපයක් ගන්න කැමති වුණා, ඊටත් වඩා එතුමා අපිත් එක්ක විනාඩි 15කට වඩා හිටගෙනම කතා කර කර හිටියා. එතුමා කොයි තරම් කරුණාවන්තද කියනවනං අපි මේ කතා කරන්නෙ ජනාධිපති තුමා එක්ක නේද කියන එක අමතක උනා.. විනාඩි පහකට විතර පස්සේ, අපේ සුපවයිසර් අපි එයාට කරදර කරනවද කියලා බලන්න ආවා. ඒත් ජනාධිපතිතුමා හිනාවෙලා කිව්වා, "නෑ, කමක් නෑ, මේ ඉන්නෙ මගේ අය" කියලා ඒ මොහොත මට හරිම ආඩම්බරයක් දැනුනා. මම වැඩ කරන ගුවන් යානයකම යන අපේ රටේ ජනාධිපති තුමා මුණ ගැහිලා කතා කරන්න පුළුවං උන එකම හරි හාග්‍යයක්."

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී

ReeCha