ගුවන් සමාගමෙන් නිවේදනයක්..එකපිට යානා 7 ක ගමන් වාර නවතයි..මොකක්ද මේ වෙන්න යන්නේ..
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අද (17) දින ඩ්‍රීමිලයිනර් ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් ම අවලංගු කර ඇති බවයි. ඒ විවිධ තාක්ෂණික දෝෂ යැයි පවසමින්.
මෙසේ ගුවන් ගමන් අවලංගු කිරීම නිසා එයාර් ඉන්දියා ගුවන් මෙහෙයුම්වලට දැඩි බලපෑමක් එල්ල වූ බව ද සඳහන්.
එමෙන්ම එයාර් ඉන්දියා ගුවන් සේවය සඳහන් කළේ අහමදාබාද් සිට ලන්ඩන් දක්වා වූ ගුවන් ගමන් වාර ද ගුවන් යානා නොමැති හේතුව මත අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි.
ඉකුත් ජුනි 12 වනදා අහමදාබාද්හි සර්දාර් වල්ලභහායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී සුළු මොහොතකට පසු ලන්ඩන් බලා පිටත් වූ බෝයිං 787-8 ඩ්‍රීමිලයිනර් ගුවන් යානය නේවාසිකාගාර සංකීර්ණයකට කඩා වැටුණා.
එම බිහිසුණු අනතුරෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය 241 දෙනෙක් ජීවිතක්ෂයට පත් වීමෙන් දින කිහිපයකට පසු මෙසේ එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් අද දිනයේ දී අවලංගු කර ඇත.
ඊට අමතරව අහමදාබාද් සිට ගැට්වික් දක්වා පියාසර කිරීමට නියමිතව පැවති එයාර් ඉන්දියා ගුවන් සේවයේ තවත් ගුවන් ගමනක් ද අද දින අවලංගු කර තිබෙනවා.
ඒ අනුව අද දින එයාර් ඉන්දියා නිවේදනය කළේ ගුවන් අවකාශය සීමා කිරීම සහ අතිරේක පූර්වාරක්ෂාව පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අහමදාබාද් සිට ලන්ඩනයේ ගැට්වික් දක්වා පියාසර කිරීම අවලංගු කර ඇති බවයි.
එහෙත් හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කර ඇත්තේ යම් තාක්ෂණික දෝෂයක් නිසා ගුවන් ගමන අවලංගු කර ඇති බවට කරන ප්‍රකාශ එම එයාර් ඉන්දියන් ගුවන් සමාගම ප්‍රතික්ෂේප කරන බවයි.
එමෙන්ම අඳාළ ගුවන් සමාගම මගීන්ට ඇති වූ අපහසුතාව ගැන කනගාටු වන බව පවසයි.
එසේම සමාගමෙන් ඔවුන්ගේ ගමනාන්තයට පියාසර කිරීමට විකල්ප විධිවිධාන යොදා ඇති බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි
