සර්වජන බලයෙන් මට ඡන්දෙ දුන්නෑ. මම බය නැතුව ඒක කියනවා
පසුගියදා කොළඹ මහ නගර සභාවේ පුරපති අසුන වෙනුවෙන් උණුසුම් ඡන්ද විමසීමක් සිදුවිය.ඒ අනුව ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කළ අතර විපක්ෂයේ පුරපති අසුන වෙනුවෙන් ඉදිරිපත් වූ රිසා සාරුක් නැවත තැනැත්තාට හිමිවූයේ මනාප පනස් හයක් පමණයි.
ආණ්ඩු පක්ෂයේ ව්‍රායි කැලි මහත්මිය මනාප හැට එකක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර විපක්ෂයේ සියලු දෙනා සඳහන් කරේ ඡන්දය විමසීම විනිවිද භාවයකින් තොර වූබවයි.කෙසේ නමුත් අභිනව නගරාධිපති තුමියට සුබ පැතුම් රිසා සාරුක් මහත්මයා අදහස ඉදිරිපත් කර තිබුණේ පහත ආකාරයටයි.
" දිලින් ජයවීරගේ සර්ව ජන බලයේ මහජන නියෝජිතයන් මට රහස් ඡන්දයේදී ඡන්දය දුන්නේ නෑ ඔවුන් අන්තිම මොහොත වෙනකල්ම හරි උත්තරයක් දුන්නේ නෑ. මට සැකයක් තියෙනවා ඔවුන් ඡන්දේ දුන්නේ නෑ. මම බය නැතිව කියනවා ඔවුන් මට ඡන්දය දුන්නේ නෑ.. "