වැඩි මිලට ඖෂධ අලෙවි කළ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

Law and Order Prisons in Sri Lanka Doctors Sinhala news
By Mithu Jun 17, 2025 05:56 PM GMT
Mithu

Mithu

Report

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා එම කොමිසමේ නිලධාරීන් විසින් අද (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත. එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

ReeCha