අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී
ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රි අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී ඉකුත් දා කළ ප්‍රකාශය පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් භාර දී ඇති බව වාර්තා වේ.
ඒ රේගු පරීක්ෂාවකින් තොරව මුදා හරින ලද කන්ටේනර් 323 අතර LTTE සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවි ආයුධ ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධවයි.
පැමිණිල්ලේ දක්වා ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර හිටපු අධිකරණ ඇමැතිවරයකු එවැනි අන්තවාදී ප්‍රහාරයක් සිදුවිය හැකි බවට පැහැදිලි ප්‍රකාශයක් කර තිබූ බවයි.
එසේ වුවත් එය වළකාලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වීම නිසා පාස්කු ප්‍රහාරය සිදු වූ බවයි.
එබැවින් යළි එවැනි ආකාරයේ ප්‍රහාරයක් සිදු වීමට පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රි අර්චුනා රාමනාදන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම අඳාළ ප්‍රකාශය හැන්සාඩ් ගත වී ඇති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම අවශ්‍ය නොවේ.
එනිසා කළ යුතු වන්නේ අඳාළ ගිනි අවි ගෙන ආවේ කවුරුන්ද යන්න විමර්ශනයක් කිරීම බවද එහි සඳහන්.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි
තවද අඳාළ ප්‍රකාශය මඟින් මෙරට රජය සහ තායිලන්තය රජය අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා බරපතළ ආකාරයට දෙදරා යා හැකි බව ද පවසයි.
එසේම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වූයේ මෙමගින් ශ්‍රී ලංකා රේගුව මෙන්ම තායිලන්ත රේගුවද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන අනාගත ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කරන දූෂිත ආයතන බවට පැහැදිලිවම කරුණු අනාවරණය කරනු ඇති බවයි.
