ආපනශාලාවක ගෑස් සිලින්ඩරයක් පිපිරී යයි..භයානක පිපිරීම කැමරා ඇසින්..(CCTV VIDEO)

By Sewvandhi Dec 07, 2021 04:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොල්හේන්ගොඩ, කුමාරතුංග මාවතේ පිහිටි ආපනශාලාවක ගෑස් සිලින්ඩරයක පිපිරීමක් සිදුව තිබේ. ගෑස් කාන්දුවීම් නිසා සිදු වූ පිපිරීම් පිළිබඳ සිද්ධි අතුරින් ආසන්නතම සිදුවීම වූ මෙම පිපිරීම අද පස්වරුවේ සිදුව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරන කිරුළපන පොලීසිය සඳහන් කළේ රෙගියුලේටරය අසලින් ගැලවී ගොස් මෙම පිපිරීම සිදුව ඇති බවය.

පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැති අතර ආපනශාලාවට අලාභ හානි සිදුව තිබේ. අදාළ පිපිරීම cctv කැමරාවක පටිගතව තිබුනේ මෙලෙසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW