දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..!

train strike Sumedha Somarathna Dammika Jayasundara
By Sewvandhi Jan 15, 2022 03:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (15) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඊයේ (14) දහවල් ආරම්භ කළ ක්ෂණික වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ පස්වරුවේ අත්හිටුවීමට කටයුතු කළ බවය.

එහෙත් දුම්රිය ධාවනය යථාවත් කිරීමට පාලනාධිකාරිය කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී ජනතාව අපහසුතාවයකට පත් නොකර වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල නිරත වන බව සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර රාජකාරියට බාධා කිරිමේ චෝදනා යටතේ විනය ක්‍රියාමාර්ග ගත් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා මේ වන විට විනය කරුණුවලට යටත්ව සේවයේ පිහිටුවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

අදාළ කරුණ මුල්කර ගනිමින් ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ ක්ෂණික වැඩවර්ජනය හේතුවෙන් අවලංගු වූ කලින් වෙන්කර ගත් අවසර පත්‍ර සඳහා මුදල් ලබා දෙන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වුවද යම් යම් ප්‍රමාදයන් සිදුවීමට හැකි බව ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now