විපක්ෂ දේශපාලනඥයකු ලෙස ප්‍රකාශ කළ දේවල් අමතක නොකරන ලෙස සජිත් ප්‍රේමදාස ජනපතිගෙන් ඉල්ලයි..

Report

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව පවසමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලාංකීය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත්, ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය ශක්තිය වත්මන් පාලනයට නොඅඩුව ලැබී ඇති බවයි.

පවුල ගොඩ දාන්න රට රස්සාවක සිහින දකින ඔයා දැනගත යුතුම දේ..මෙවන් අයගෙන් පරිස්සම් වෙන්න..

පවුල ගොඩ දාන්න රට රස්සාවක සිහින දකින ඔයා දැනගත යුතුම දේ..මෙවන් අයගෙන් පරිස්සම් වෙන්න..

එමගින් රටක් ලෙස මේ මොහොතේ මුහුණදී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදා වී තිබෙන බවත් එහි සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා සිය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තම ධුර කාලය තුළ සාර්ථකව ඉටු කිරීම තමන් සතු අභියෝග ලෙස ඔවුන් වටහාගෙන ඇති බවට විශ්වාස කරන බවයි.

එමගින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ ලෙසටම ”‍පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්”‍ මෙරට ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් ගොඩනැගීමට හැකියාව උදාවේවායැයි ප්‍රාර්ථනා කරන බවත් එම නිවේදනයේ සඳහන්.

19වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දේවල් කරන්න බෑ...

19වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දේවල් කරන්න බෑ...

මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොටගත් සියලු‍ පුරවැසි අයිතීන් සුරැකෙන සමාජ සාධාරණත්වය සුරක්ෂිතවන යහපත් ආණ්ඩුවක් වෙනුවෙන් උපරිම සහය ලබාදීමට සූදානම් බවත් සජිත් ප්‍රේමදාස සිය නිවේදනය මගින් අවධාරණය කර සිටිනවා.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක එදා විපක්ෂ දේශපාලනඥයකු ලෙස ප්‍රකාශ කළ පරිදිම පැවති දේශපාලන බලවේග තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩ කරන නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙසද එම නිවේදනය මගින් වත්මන් රජයටද සිහිපත් කර තිබෙනවා.

ක්‍රිකට් ලෝලී ඔබ සැම බලා සිටි තීරණාත්මක තරගය අදයි...

ක්‍රිකට් ලෝලී ඔබ සැම බලා සිටි තීරණාත්මක තරගය අදයි...

මෙම තීරණාත්මක මැතිවරණයේදී සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්ද 19 ලක්ෂ 68,716 ක් ලබාදී පාර්ලිමේන්තු ආසන 40ක් දිනා දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ සහ නායකත්වය විශ්වාස කළ ජනතාවටත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දුන් සියලු‍ පාර්ශ්වයන්ටත් සමගි ජන සන්ධානය ස්තූතිය පල කර තිබෙනවා.

GalleryGallery