අපි කවුද එයාට සමාව දෙන්න- අජිත් මුතුකුමාරණගේ වීඩියෝවට දියණිය අංජලීගෙන් පිළිතුරු (VIDEO/PHOTOS)
පසුගිය දවසක අජිත් මුතුකුමාරණ ගායන ශිල්පියා විසින් ඔහුගේ සමාජ ජාලා ගිණුමේ වියෝවක් මගින් සඳහන් කරපු කරුණු කාරණා කිහිපයක් මෑත කාලයේ දී ගොඩක් දෙනාගේ අවධානයට යොමු වනවා. මෙයට හේතු වුණ කාරණාව වෙන්නෙ කේ.සුජීවා සහ ඇයගේ දියණියන් දෙදෙනා. එම වීඩියෝව පහතින්,
කවුරුත් දන්න කියන කාරණාවක් තමයි කේ සුජීවා සහ අජිත් මුතුකුමාරණගෙ සම්බන්දය. ඉතින් මුතුකුමාරණ විවාහ වී සිටි බිරිඳගෙන් ඉවත්වෙලා කාලයක කේ.සුජීවා සමග සම්බන්ධතාවයක් පටන් අරගෙන තිබෙනවා. නමුත් ටික කාලයකට පස්සෙ අජිත් මුතුකුමාරණ සුජීවගේ පවුලෙන් ඉවත් වෙලා ගියපු කාරණාවක් තමයි අපට දැකගන්නට ලැබුණේ.
ඉතින් මේ හේතු කාරණා මුල් කරගෙන සුජීවාත් යම් අවස්ථාවක මේ පිළිබඳව යම් යම් කරුණු කිහිපයක් සඳහන් කරල තිබුණා. ඒ තමයි ඇයගේ බැංකු පොත්වල පවා දැන් සල්ලි නොමැති කියන කාරණාව මූලික කරගනිමින්. කොහොම නමුත් මෙන්න මේ සිදුවීම් මාලාව මුල් කරගෙන පසුගිය දවසක සුජීවගේ වැඩිමහල් දියණිය වන අන්ජලී විසින් යූ ටියුබ් මාධ්‍ය හමුවකදී සිදු කරපු ප්‍රකාශ කිහිපයක් කොයි කාගේත් අවධානය යොමුකර ගත්තා.
ඉතින් මේ සාකච්ඡාවේදී ඇය සාකච්ඡා කරපු දේවල් ටිකක් තමයි මේ. ඇයට අම්මා එක්ක තියෙන සම්බන්ධතාවය ගැන අන්ජලී සඳහන් කරන්නේ, වයසත් එක්ක ගොඩක්ම අම්මට ළං වුණා කියන කාරණාව. පොඩි කාලේ අම්මට බය වුණත් මේ වන විට නම් වයසත් එක්ක යාලුවෝ වගේ දෙදෙනාම ආශ්‍රය කරන බව තමයි සදහන් කරලා තිබෙන්නේ.
ඉතින් පුංචි කාලේ සැරවැර කරලා තමයි සුජීවා ඇයව හදලා තිබෙන්නේ. ඉතින් අවුරුදු හතක් ඔවුන් දෙදෙනා වෙන් වෙලා ඉඳලා තිබෙනවා. ඒ අංජලීගේ අධ්‍යාපන කටයුතුවලට විදෙස්ගත වුණු නිසා.
අජිත් මුතුකුමාරණ හා ඇගේ මව අතර තිබූ සම්බන්ධය කැඩිලා යන එක ඔවුන්ට බලපෑවේ කොහොමද කියන කාරණාව ඇය සඳහන් කරල තිබුනෙ මෙන්න මේ විදියට. වැඩියෙන්ම එයාගෙ චරිතෙ රිටන් එක හම්බ උනේ අම්මට. අපිටත් බලපෑවා. අම්මා මානසිකව වැටිලානේ හිටියේ ගොඩක් දේ කලා. අපිට එක තැනක හිතුනා මෙයා ගොඩ එන්නේ නැති වෙයි කියලා.
ඔරිජිනල් කැරැක්ටර් එකයි සෝෂල් මීඩියා චරිතෙයි වෙනස්. හරිම ඩවුන්. දැන් හොඳට ඉන්නවා. විනාඩි දහයකින් අඬනවා. ඒ කාලේ මටයි නංගිටයි කොහෙවත් යන්න බයයි. නිකං හරි ඇදගෙන වැටුණත් එහෙම කියලා තමයි ඇය එහිදී සඳහන් කරල තිබුනෙ. ඉතින් අජිත් මුතුකුමාරණ කියන චරිතයට සමාව දෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නයට ඇය පිළිතුරු දෙන්නේ, අපි කවුද එයාට forgive කරන්න.
අපි දැන් එකෙන් එලියට ආවා. අම්මව ගෙනාවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ. අංජලීට පෙම්වතෙක් ඉන්නවද කියලත් මෙහි දී සාකච්ඡා කරලා තිබුණා. ඉතින් ඇයට ගොඩක් ලං වෙච්ච පිරිමි ළමයි හිටියත් අවුරුද්දකට විතර කලින් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් තිබුන කියලා කාරණාවක් සඳහන් කරල තිබුණා. ඉතින් ඇය සින්දු කියනවද කියන ප්‍රශ්නයට පිළිතුරු දුන්නෙ සින්දු තුනක් හදන ගමන් ඉන්නවා. එකිනෙක දානවා බව තමයි සඳහන් කෙරේ.
ඉතින් මේ අලුතෙන් සිංදු දෙකක් රිලීස් කරල තියෙන බවත් ඇය සඳහන් කර තිබෙනවා. ජනප්‍රිය ගායන ශිල්පිනියගේ ආදරණීය දියණියක් විදියට ඇයට සංගීත ක්ෂේත්රය තුළ යන්නට පුළුවන් ගමන් මාර්ග බොහෝමයි. කුමක් වුවත් අලුත් නිර්මාණ තුළින් අම්මා වගේම ප්‍රේක්ෂකයන්ට ලංවෙන්න පුළුවන් හැකියාවක් ඇයට තියෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා