මැදපෙරදිග යුද උණුසුමෙන් කොටස් වෙළඳපොළේ තත්ත්වය උඩුයටිකුරු වෙයි.. කැළඹුණු ගනුදෙනුකරුවන්ට මුදල් නි. ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් දේශීය පොලී අනුපාතිකයන්හි සිදුවන සංශෝධන සහ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ නිරන්තර විචලනයන් හෙවත් මිල උච්චාවචනයන් දක්නට ලැබුණද, වෙළෙඳපොළ අනවශ්‍ය ආකාරයට අස්ථාවර වී නොමැති බව පවසන බව වාර්තා වේ.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එසේම එහිදී කොටස් වෙළෙඳපොළේ පවතින මෙම තත්ත්වය තාවකාලික එකක් බව පෙන්වා දුන් ඔහු, කෙටි කලක් තුළ වෙළෙඳපොළ නැවත ප්‍රකෘතිමත් වෙමින් ස්ථාවර මට්ටමකට පත්වනු ඇති බවට රජය අපේක්ෂා කරන බවද අවධාරණය කළ බව සඳහන්.

ආයෙත් තෙල් පෝලිම් එක්ක දැවැන්ත අර්බුදයක්.. ලංකාවටම රතු එළියක්

ආයෙත් තෙල් පෝලිම් එක්ක දැවැන්ත අර්බුදයක්.. ලංකාවටම රතු එළියක්

එමෙන්ම මෑත සති කිහිපය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය සැලකිය යුතු උච්චාවචනයන්ට ලක් වී ඇත.

කෙසේ වෙතත් ඊට හේතු වී තිබුණේ දේශීය මුදල් ප්‍රතිපත්ති සංශෝධන මෙන්ම ගෝලීය වශයෙන් බොරතෙල් සැපයුමට හා ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති නොසන්සුන්තා හේතුවෙන් ආයෝජකයන් යම් ප්‍රවේශම්කාරී පිළිවෙතක් අනුගමනය කිරීම බව සඳහන්. 

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට