ආයෙත් තෙල් පෝලිම් එක්ක දැවැන්ත අර්බුදයක්.. ලංකාවටම රතු එළියක්

Report

Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළ තුළ තරගකාරීත්වය සහ සමාන තරග බිමක් නිර්මාණය නොකර, රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර මතුව ඇති අර්බුදයන්ට නිසි ආර්ථික විද්‍යාත්මක හා නීතිමය විසඳුම් නොදුනහොත් ඉදිරියේදී යළිත් රට තුළ ඉන්ධන පෝලීම් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන බව වාර්තා වේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ආර්ථික විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ඔහු අවධාරණය කර ඇත්තේ, මතුපිටින් පෙනෙන දේශපාලන ප්‍රකාශවලින් ඔබ්බට ගොස් මෙරට ඛනිජ තෙල් වෙළඳපොළේ පවතින සැබෑ ව්‍යුහාත්මක ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් සෙවීම රජයේ ප්‍රමුඛ කාර්යභාරය විය යුතු බවයි.

මේ අතර ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ වෙළඳපොළට අලුතින් පිවිසි Sinopec, LIOC වැනි පෞද්ගලික සමාගම් අතර පවතින්නේ සාධාරණ හෝ සමාන තරග බිමක් නොවන බවයි.

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

එසේම බොරතෙල් ආනයනයේදී පනවා ඇති තීරුබදු හා වෙනත් බදු අවම මට්ටමක පවතින බැවින්, සපුගස්කන්ද පිරිපහදුව ඔස්සේ නිපදවන ඉන්ධන (සමස්ත වෙළඳපොළෙන් 30%ක්, ඩීසල් 40%ක් සහ 92 පෙට්‍රල් 15%ක්) වෙනුවෙන් වැය වන බදු පිරිවැය සෘජුව ආනයනය කරන පිරිපහදු කළ ඉන්ධනවලට වඩා බෙහෙවින් අඩු බව සඳහන්.

එබැවින් මෙම වාසිය පූර්ණ ලෙස හිමිවන්නේ තෙල් සංස්ථාවට පමණක් බව සඳහන්.

එමෙන්ම ගුවන් යානා ඉන්ධන සහ විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන වෙත දැවිතෙල් සැපයීමේ පූර්ණ ඒකාධිකාරය තෙල් සංස්ථාව සතුව පවතින බවත් ඒ ඔස්සේ ලබන අතිවිශාල ලාභය භාවිත කරමින් සාමාන්‍ය ඩීසල් හා පෙට්‍රල් මිල අඩු මට්ටමක පවත්වාගෙන යාමේ හැකියාව සංස්ථාව සතු වුවත් පෞද්ගලික අංශයට එම අවස්ථාව අහිමි කර ඇති බව ද වාර්තා වේ.

තවද තෙල් ගබඩා කිරීමේ පර්යන්ත සමාගමේ බහුතර හිමිකාරිත්වය තෙල් සංස්ථාව සතුව පවතින අතර, සෙසු පෞද්ගලික සමාගම්වලට සිය ඉන්ධන ගබඩා කර ගැනීමට සහ බෙදා හැරීමට සංස්ථාවට විශාල ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බවත් පවසයි.

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

මේ අතර පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට ඉන්ධන අලෙවියෙන් උපරිම ලෙස රඳවා ගත හැක්කේ 4% ක පමණ ලාභ ආන්තිකයක් බවත්, ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හා ආනයනික පිරිවැය ඉහළ යාම හමුවේ පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට කිසිදු පෞද්ගලික සමාගමක් සූදානම් නොවන බවත් අනාවරණය විය.

එසේම ධනනාත් ප්‍රනාන්දු මහතා යෝජනා කර ඇත්තේ මිල සූත්‍රය ගණනය කිරීමේදී සමාගම් ඉදිරිපත් කරන ආනයන පිරිවැය මත පදනම් නොවී, ජාත්‍යන්තරව පිළිගත් 'සිංගප්පූරු ප්ලැට්ස්' මිල දර්ශකය පදනම් කරගෙන එය සකස් කළ යුතු බවයි.

එමෙන්ම රජය සහ පෞද්ගලික තෙල් සමාගම් අතර මතභේද හටගෙන, සමාගම් සිය සැපයුම සීමා කළහොත් හෝ තෙල් සංස්ථාව පමණක් පාඩු ලබමින් අඩු මිලට ඉන්ධන ලබා දුනහොත් ඇති විය හැකි බරපතළ ප්‍රතිවිපාක කිහිපයක් මෙහිදී ඔහු පැහැදිලි කර ඇත.

ඊයේ සිට මෙහි බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - විශේෂ ගැසට් නිවේදනයක්

ඊයේ සිට මෙහි බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - විශේෂ ගැසට් නිවේදනයක්

ඒ අනුව පෞද්ගලික පිරවුම්හල්වල මිල වැඩි වීම හෝ සැපයුම අඩාල වීම හේතුවෙන් සියලුම පාරිභෝගිකයන් සංස්ථා පිරවුම්හල් වෙත ඇදී ඒමෙන් නැවතත් පෝලීම් නිර්මාණය විය හැකි බවත් අඩු මිලට ලබාගන්නා ඉන්ධන කෑන් සහ ත්‍රිරෝද රථ මඟින් රැස් කර වැඩි මිලට අලෙවි කිරීමේ කළු කඩ ව්‍යාපාරයක් රට තුළ නැවත හිස ඔසවනු ඇති බවටත් ඔහු අනතුරු අඟවයි.

ඊට අමතරව 1970 දශකයේදී මෙරට සිටි 'එක්සොන් මොබිල්' වැනි දැවැන්ත ජාත්‍යන්තර තෙල් සමාගම් රට හැර යාමෙන් සිංගප්පූරුව කලාපීය තෙල් කේන්ද්‍රස්ථානය බවට පත්වූ අතීත පාඩම සිහිපත් කළ ඔහු, වර්තමාන පෞද්ගලික සමාගම් සමඟ ගැටුම් ඇති කර ගැනීමෙන් විදේශ ආයෝජකයන් රට අත්හැර යා හැකි බවත්, තවත් ආයෝජකයන් මෙරටට නොපැමිණෙනු ඇති බවත් පෙන්වා දෙයි.

එසේම යම් ලෙසකින් රජය සතුව විදේශ විනිමය හිඟයක් මතුවුවහොත්, පෞද්ගලික අංශයද නොමැති පසුබිමක රට මුළුමනින්ම යළිත් ඉන්ධන අර්බුදයකට ඇද වැටීමේ අවදානම පවතින බවත් සඳහන් කරයි.    

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට