හිටපු කතානායකගේ නිවස ආසන්නයෙන් මතු වූ අවි ගබඩාව..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
වැල්ලවාය එකේ කණුව ප්රදේශයේ පිහිටා ඇති හිටපු කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ නිවස ආසන්නයේ බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ.
මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්, ජීව අත්බෝම්බ දෙකක්,පතරොම් තුවක්කු දෙකක්,වෙඩි නොවදින කබායක් සහ පිහියක් සහ පතරොම් විසිදෙකක් සොයාගෙන ඇති අතර එම ආයුධ සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හැට හතරක් වන එම ප්රදේශයේ ම පදිංචි පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.