සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් ආනන්දගෙන් ඇඟ කිළි පොලායන හෙළිදරව්වක්

Report

පසුගියදා ඉෂාරා සෙව්වන්දි නැමැති අපරාධකාරියට ඉන්දියාවට පලායාමට බෝට්ටුව සැපයූ ආනන්දන් නමැති තැනැත්තා මෙවන විට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.

එහිදී ඔහු විසින් සුවිශේෂී කරුණු රැසක් අනාවරණය කර තිබේ. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව සැපයූ ආනන්දන් නමැති පුද්ගලයා, දීර්ඝ කාලයක් සිට ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ශ්‍රී ලංකාවට කේරල ගංජා ප්‍රවාහනය කරන සැකකරුවෙකු සම්බන්ධ තොරතුරු හෙළිකර ඇත.

ඒ අනුව, එම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (අගෝස්තු 24) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සමඟ කේරල ගංජා කිලෝ 10කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සැකකරු කිළිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ගංජා තොගය පොල් වත්තක භූගත බංකරයක ගබඩා කර තිබුණි. සහගාමි විමර්ශන පියවර ලෙස, සැකකරු කේරල ගංජා මෙරටට ආනයනය කිරීමේදී පාතාල කල්ලි සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගියාද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශනයට යොමු කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග සහ විමර්ශන අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර යන නිලධාරීන් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

නාමල් රාජපක්ෂගෙන් විශේෂ ඉල්ලීමක්

නාමල් රාජපක්ෂගෙන් විශේෂ ඉල්ලීමක්