කළු සල්ලි සුදු වෙන හැටි ගැන කවුරුත් නොකියන කතාවක්

Economy of Sri Lanka Latest Headlines Sinhala news NPP Government SriLanka News - Gagana
By Shehan Jun 18, 2025 01:40 PM GMT
Shehan

Shehan

Report

කළු සල්ලි සුදු කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් වෘත්තීයවේදීන් හරහා සිදුවන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ රාජ්‍යකරණය හා දූෂණ විරෝධී අංශයේ ප්‍රධානි සහ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සංඛිතා ගුණරත්න මහත්මිය පවසයි.

සෙව්වන්දි නිසා ප්‍රසිද්ධ පුවත්පතක මාධ්‍යවේදියෙකුත් ගස්

සෙව්වන්දි නිසා ප්‍රසිද්ධ පුවත්පතක මාධ්‍යවේදියෙකුත් ගස්

කොළඹදී පැවති වෘත්තීයවේදීන්ගේ සමුළුවකදී දූෂණය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරමින් ඇය මේ බව අවධාරණය කළාය. ඇය පෙන්වා දුන්නේ, නීතිඥවරුන්, විගණකාධිකාරිවරුන්, ගණකාධිකාරීවරුන්, දේපල වෙළඳාම්කරුවන්, කැසිනෝ හිමිකරුවන්, මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන් ඇතුළු වෘත්තීයවේදීන් නීතිවිරෝධී ලෙස උපයන ලද මුදල් විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වන බවයි.

මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ හෝ ජාත්‍යන්තර වශයෙන් සිදුවිය හැකි බවත්, මෙලෙස කළු සල්ලි රටින් පිටතට ගෙන යාමේදී ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවලද වෘත්තීයවේදීන් මැදිහත් වන බවත් ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ජනතාව බොහෝ විට අවධානය යොමු කරන්නේ එය සිදුකරන පුද්ගලයන් වෙත පමණක් වුවත්, එම මුදල් අපරාධමය ක්‍රියාවලින් උපයා ඇති බවට සැකයක් ඇති වුවහොත්, එම මුදල් ලබා ගැනීම, සඟවා තැබීම, බැහැර කිරීම, ආයෝජනය කිරීම, රටින් පිටතට ගෙන යාම හෝ රට තුළට ගෙන්වා ගැනීම යන සියලු ක්‍රියා ශ්‍රී ලංකාවේ නීතිය යටතේ මුදල් විශුද්ධිකරණය නමැති අපරාධයට යටත් වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

මෙම සමුළුවේදී, දූෂණය හා මුදල් විශුද්ධිකරණයට එරෙහිව ඵලදායී නීතිමය හා පරිපාලනමය පියවර ගැනීමේ අවශ්‍යතාව ගුණරත්න මහත්මිය අවධාරණය කළ අතර, වෘත්තීයවේදීන්ගේ වගකීම් හා ආචාරධර්ම පිළිබඳවද විශේෂ අවධානය යොමු කළාය. මෙම ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම රටේ ආර්ථික ස්ථාවරත්වය හා විනිවිදභාවය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය බව ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.

ReeCha